Thursday, September 5, 2013

පැටව් ඉන්න වැළහින්නී

 නපුරුයි තී....
 වැළහින්නක්ද
 කටු බැල්ලි වගේ
 එල්ලෙන්නමයි
 කොටිදෙන වගේ
 බලන හැටි

කවදා ඉඳන්ද මේ
තිට හුනියං කරලද
මාව කන්නේ
ටිකක් ඉඳහන්කෝ
ඉස්සර වගේ
මගේ හුරතලේ....

දිව ගිලෙන්න එනවා
පිපාසයි බොල
දීහන්කෝ පොඩ්ඩකට
පිටින් කරන්නම්
පොඩ්ඩක්
මුකුත් වෙන්නේ නැහැ

තොට පිස්සුද මිනිහෝ....
එකෙක් බෑව විතරයි
ඉවරයක් නෑ මෙතන
ඔබා ගත්තොත් ඇති 
ටිකක් ඉවසපන්
පොඩි එවුන් ඇහැරිලා.

33 comments:

  1. උපරිමයි... මම නම් මේ වගේ ඒවට පට්ට මනාපයි...

    පොඩ්ඩක් හංගලා ගැහුවනම් තවත් රහයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් ඔබේ දිරිදීමට..

      Delete
  2. පින්තූරයක් අනිවාර්යයෙන් එල්ලන්න... නැත්නම් එළියක් නෑ..

    ReplyDelete
    Replies
    1. පින්තුර නැතුව අමුතු ඉට්ටයිල් එකකට කරන්න බැලුවේ ඊලග එකේ ඉඳන් බලමු වෙනසක් කරන්න..

      Delete
  3. සිරා කවක්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්.. පහසු වෙලාවක ඇවිත් යන්න එන්න...

      Delete
  4. නියමයි මෝරම්බා. නුඹට හොඳ දෘෂ්ඨියක් තියනවා ලොව දකින්නට. මාතලන් තමයි පාර පෙන්නුවේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් සැමදා දිරියක් උනා. ස්තුතියි නලින් අයියා...
      ජීවිතය වෙනස්ම විදිහකට් රස විඳිමු.

      Delete
  5. මොනවා කියනවද ඉතිං ! රහයි රහයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි නාඩි...!

      Delete
  6. මාතලන්ගේ සින්ඩියෙ තියෙන පින්තුරේම එල්ලන්න.... එළකිරි. නියමයි.

    ReplyDelete
    Replies
    1. එක තමා මම දැනුයි දැක්කේ... :D

      Delete
    2. පවුලූශා......උඹ උගේ සිතුවිලි වලට ඔහේ යන්න ඉඩ දියන්!!(උඹට තරහ ගියාද?)

      Delete
  7. මාතලන් අයියගේ පාරෙන් ආවේ...

    අපිටනම් ඔන්න අත්දැකීම් නැහැ. හැබැයි මටනම් පට්ට හාස්‍ය රසයක් දැනුනේ. :D
    එක්සලන්ට් නිර්මාණයක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටෙනිසෝ කවදාක හරි බලාහන්කෝ නෝනා ළමයට මුල් තැන දුන්න දාක අර රුං පෙත්ත කැරකෙනවා සින්දුවෙත් තියෙන්නේ.

      Delete
  8. කවි ටික නම් උපරිමයි.. නාගරික සමාජයෙන් බැහැරට යද්දී තියෙන සත්‍ය තත්වය මේකයි.. පවුල රට ගිය තැන් වල පවුල වෙන්නේ එක්කෝ දු-ක් .. දිගටම ලියන්න මොරේ.. මාතලන්ටත් ස්තූතියි සපෝර්ට් එක දෙනවට..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ හැගීම් තමා ඉතින් ජීවිතේ වෙන මොනාද සහන් ස්තුතියි ඔබට.

      Delete
  9. සුපිරි කවිය ඈ... උබලනම් නොකිය කියන්න සෑබෑ දස්සයො... මාතලන් තමා පාර පෙන්නුවෙ... ඌ කවදත් වල කපන එකානෙ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගාලු කොලූ හිතිච්ච දේ ලියල දැම්මා ආයේ මොනාද...

      Delete
  10. නියමයි. වෙන කියන්න දෙයක් නෑ බං.

    ReplyDelete
  11. දිව ගිලෙන්න එනවා
    පිපාසයි බොල... පිපාසයි මට.
    නොලැබුනොත් දිය බිඳක්
    යන්න යනවා සත්තකයි
    බොන්න හැකි තැනක් වෙත.
    එවිට ති එනු එපා
    පොලවේ හැපී හැපී මවෙත.

    ReplyDelete
    Replies
    1. මම මොරබ්බට කිව්වේ ඕන් ඔය ඉට්ටයිල් එක.. හංගලා කතන්දරේ කියන් එක.. එතකොට රහ වැඩියි...

      Delete
    2. අයිලාෂ් අයියා නියමයි ආ...
      @ මාතලන් ඒක තමා ඒ ඉට්ටයිල් එක ගති...

      Delete
  12. තොට පිස්සුද මිනිහෝ....
    එකෙක් බෑව විතරයි
    ඉවරයක් නෑ මෙතන
    ඔබා ගත්තොත් ඇති
    ටිකක් ඉවසපන්
    පොඩි එවුන් ඇහැරිලා.

    මාරයි ඈ.. මාතලං ගොයිය තමයි පාර කිව්වෙ.. ඔන්න ආවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමී නැවත ඇවිත් යන්න එන්න...

      Delete
  13. මොරා.........කියලා වැඩක් නැත.පංකාදුයි.මල් හතයි.ඇටෙන් සිවිඩ්ඩ නියමෙටම අයින් කරලා තියෙනවා.තව ලියපං.උඹට ජය!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ ... ජීවිත රසය දැනුනානම් මට ඒ ඇති...

      Delete
  14. හිකිස්........... නිසඳැසක් උනත් කාලෙකට පස්සේ හිනහවක් ගියා. එල එල
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. හිනාවක් ගියානම් ඒ ඇති :) ස්තුතියි... කෝරළේ මහත්තයෝ...

      Delete
  15. කුනු රහ විතර‍‍යි.. වෙන කිසි දෙයක් තියනවද? මොලේ පාවිච්චි කොරපන් කියවන හරකුන්ගෙ මොලේ නොකා ඉන්න..

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි.. කුනු රහත් රහක් නොවැ. මෙය අමුතු හැඟීමක් අකුරු කරන්න ගත් උත්සහයක් පමණි..

      Delete