Sunday, October 13, 2013

අඥාත..

 

නමක් කුමට මට
මෙලොව විසුමට
අවැසි එය ඔබ
හට නොවන්නෙද..

මා උපද්දා
නැකත් බලවා
නමක් තැබුවා
අරුත් විමසා..

අවැසි නැත මට
මගේ මේ නම
ඔහු නොවේ මම
ඔබ දකිනු රිසි...

Thursday, September 12, 2013

ඩබල් වූ දුක...


අම්ල වැස්සක් වැහැල
පණුවෙක් දඟලනවා
මැරෙන්න ද කොහෙද
කැපුවා දෙකට මම
මැරියන්..
දුක් නොවිඳ
මොන?
මෙන්න බලපන්
පන අදින පනුවෝ දෙන්නෙක්...

Monday, September 9, 2013

වෙරළු මලින් ඔබ්බට














වෙරළු මල් සුවඳේ
මංමුලා වූ මොහොතේ
පිච්ච මල් සුවඳේ
ඇයිද මතකෙට නාවේ...

තුරුණු විය අසබඩ
හුදෙකලා වූ මොහොතක
සුසුම් සුළඟින් ඇවිලුන
ගින්න ඇවිලේ  තවම නොනිමුන...

නොවේ අන් සැනසුම
නිවෙනු මිස භව  ගින්දර
සෙවූ සහනය සුන්දර
තුළම වේ මේ දැවෙන සියොළඟ....

Thursday, September 5, 2013

පැටව් ඉන්න වැළහින්නී

 නපුරුයි තී....
 වැළහින්නක්ද
 කටු බැල්ලි වගේ
 එල්ලෙන්නමයි
 කොටිදෙන වගේ
 බලන හැටි

කවදා ඉඳන්ද මේ
තිට හුනියං කරලද
මාව කන්නේ
ටිකක් ඉඳහන්කෝ
ඉස්සර වගේ
මගේ හුරතලේ....

දිව ගිලෙන්න එනවා
පිපාසයි බොල
දීහන්කෝ පොඩ්ඩකට
පිටින් කරන්නම්
පොඩ්ඩක්
මුකුත් වෙන්නේ නැහැ

තොට පිස්සුද මිනිහෝ....
එකෙක් බෑව විතරයි
ඉවරයක් නෑ මෙතන
ඔබා ගත්තොත් ඇති 
ටිකක් ඉවසපන්
පොඩි එවුන් ඇහැරිලා.

දිගහැරුම

සිතුනා පබඳින්නට
කව් මුතු වැල් නැවත
කල්පයක් ගතවීයැ
නැවත උපදින්ට
උල්පත සීදී යෙයි
පසුබා සිටින්නට
සිත්වී යැ
සිටිවනම්
තෙත්වීයැ
නෙත් කෙවෙනි
කෙසේ වලදමම්
මා සිතේ සිත්තම්
මට පන්නරය දුන්
මගේ සොඳුරු කවිකම්

Wednesday, September 4, 2013

පත් ඉරුව දිගහරිමි...

මතක මංපෙත් අතර
සිත්තම් කරමි ජීවිතය
ගයන්නෙමි මෙතැන් සිට
කිසිදා නොගැයූ
කිසිදා නොලියු
මිහිරිම ගීය....