Monday, September 9, 2013

වෙරළු මලින් ඔබ්බට














වෙරළු මල් සුවඳේ
මංමුලා වූ මොහොතේ
පිච්ච මල් සුවඳේ
ඇයිද මතකෙට නාවේ...

තුරුණු විය අසබඩ
හුදෙකලා වූ මොහොතක
සුසුම් සුළඟින් ඇවිලුන
ගින්න ඇවිලේ  තවම නොනිමුන...

නොවේ අන් සැනසුම
නිවෙනු මිස භව  ගින්දර
සෙවූ සහනය සුන්දර
තුළම වේ මේ දැවෙන සියොළඟ....

6 comments:

  1. අදනම් මරු රූපයක් දාලා ...අති විශිෂ්ටයි සර්

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි ඔයාලගේ යෝජනා වලට හැමදාම ඉඩ තියෙනවා....

      Delete
  2. පින්තූරයක් දැම්මම වෙනස පේනවනේ..

    වෙරළු මල් කතා කවි නැගලා යනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මාතලන් අයියා
      මේ දවස්වල වෙරළු මල් රැල්ලක් හමනවනේ.

      Delete
  3. ඇත්තෙන්ම කවියයි, පින්තූරෙයි දෙකම කොලිටි. කඩේක වෙරළු ගෙඩියක් දැක්කත් කෙන්ජිව මතක් වෙනවා දැන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු... වෙරළු අධිපති කෙන්ජි

      Delete